දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් PCR පරීක්ෂාව අද සිට

Monday, 01 June 2020 - 13:20

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+PCR+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද (01) සිට PCR පරීක්ෂාව ලක්කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ඇමතිවරයා මෙහි දී සඳහන් කළා.

ලබන අගෝස්තු මස මුල සිට සංචාරකයින් සඳහා කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී පි.සී.ආර් පරීක්ෂාවට ලක්කර නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ වැඩසටහන අතරමග නතර නොකරන බවත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී පවසා සිටියා.

රට තුළට කොවිඩ් 19 රෝගියෙකු ඇතුළු වීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දී කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories