මැනිලා අගනුවර විවෘත වෙයි

Monday, 01 June 2020 - 13:23

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගතයත් සමඟ ලොව වැඩිම කාලයක් වසා දමා තිබූ නගරයක් වන පිලිපීනයේ මැනිලා අගනුවර අද විවෘත කෙරුණා.

පසුගිය මාර්තු මාසයේ මැද භාගයේ සිට මෙය වසා දමා තිබූ අතර, ලක්ෂ 120 කට ආසන්න ජනතාවක් එහි ජීවත්වනවා.

එසේම ඉන්දුනීසියාවේ කොරෝනා වෛරසය වැළඳුණු වයස්ගතම කාන්තාව මේ වනවිට සුවය ලබා තිබෙනවා.

අවුරුදු 100 ක් වයසැති මෙම කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර දකුණු කොරියාවේ ද සියලුම පාසල් මේ මාසය මුල් භාගයේ ආරම්භ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

තවද කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩු වීමත් සමඟ තායිලන්තය, වියට්නාමය, ඕස්ට්‍රේලියව සහ නවසීලන්තය යන රටවලින් පැමිණෙන යානා සඳහා ජපානය සිය ගුවන් තොටුපලවල් විවෘත කිරීමට පියවර ගනු ලැබුවා.

අද දිනයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 151 මෙක්සිකෝවෙන් වාර්තාවන අතර, මේ වනවිට එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,930ක්.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් හැටදෙලක්ෂ 67,669ක් මේ වනවිට වාර්තාවනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ 73,972ක් වන අතර සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව විසිඅට ලක්ෂ 48,455 ක්.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More