ඩෙංගු මඩින්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් (වීඩියෝ)

Monday, 01 June 2020 - 16:58

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉදිරි සැලසුම් සැකසීම පිණිස ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් වෙනත් ප්‍රදේශවලවල සිට මෙම පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිනීමත් මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ සඳහා පළාතේ සියලු පලාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ.

සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙසත්, සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.