පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවන් තොන්ඩමන්

Monday, 01 June 2020 - 17:50

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව බෙහෙවින් ආදරය කළ දේශපාලඥයෙක් වූ ආරුමුගන් තොණ්ඩමන් පසුගියදා හදිස්සියේ වියෝ වුවා.

පරම්පරාවේ දේශපාලන පසුබිම එක්ක දේශපාලනයට කෙටි කලකින් අවතීර්ණ වූ ඔහුගේ ආදරණිය පුත්‍රයා ජීවන් තොන්ඩමන් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ඒ නිසයි.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඔහු ගැන කතා කරන්න හිතුවේ ඒ නිසයි. විවිධ කතා එක්ක සමාජගත වූ ජීවන් ගැන තොරතුරුයි මේ.

ජීවන් බොහෝ කාලයක් ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා අරුමුගන් තොණ්ඩමන්ට පුතෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ..?

ඔව්. මම ඉගෙන ගත්තේ ඉන්දියාවේ. මම ලංකාවට ඇවිත් අවුරුදු තුනක් වෙනවා. තාත්තා අපි අතරින් සමු ගත්තා ඒ දුක දරා ගන්න හරිම අමාරුයි. තාත්තගේ අවසන් ගමනත් එක්ක බොහෝ දෙනෙක් මම ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ කතාබහ ගැන මට නම් තියෙන්නේ දුකක්. මම කරපු නැති දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා. ඒ ගැන ඇත්තටම කනගාටුවක් තියෙන්නේ මට.

ලෝකේ බොහෝ රටවල වගේම ලංකාවෙත් කොරෝනා ප්‍රශ්නය තිබෙනවා. මේ තත්ත්වය එක්ක ඔබගේ පියාගේ දේහයට ගෞරව කරන්න බොහෝ පිරිසක් ආවා, ඒ ගැන සමාජයම කතා කරනවා..?

අපි කවුරුත් තාත්තාට ගෞරව කරන්න එන්න කියලා තාත්තාට ආදරේ කරන ජනතාවට එන්න කිව්වේ නැහැ. රටේ තත්ත්වය අපි දැනගෙන හිටියා. හමුදාව, පොලිසිය විතරක් නෙමෙයි PHI නිලධාරීන්ගෙන් පවා සහය ලැබුණා අපිට. ගෞරව කරන්න ආ සියලු දෙනා සෞඛ්‍ය නීති අනුමත කරමින් ආවේ. මීටරයක පරතරය තිබ්බා, මාස්ක් එකක් පැලදුවා. ඒ හැමදෙයක්ම අනුගමනය කළා.

සමාජ මාධ්‍යවල පළවුණේ ඔබේ පියා පඩිපෙලක වැටිලා මිය ගියා කියලයි..ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද..?

මගේ තාත්තා පඩිපෙලක වැටිලා මිය ගියා කියලා සමාජ මාධ්‍යවල පල වෙලා තියෙනවා මම දැක්කා. හරිම කණගාටුයි කියන්න ඒ වගේ බොරු ඇයි දන්නේ නැහැ පළවුණේ. එහෙම දෙයක් වුනේ නැහැ. මගේ තාත්තාට එක පාරටම හෘදයාබාධයක් ඇති වුනා. එය ඇවිත් තත්ත්පර දෙකක් විතර ඉන්න ඇති. එකපාරටම ඔහු මිය ගියා අවාසනාවන්ත විදිහට.

ඔබට සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. එක සහෝදරියක් ඕමාන් රාජ්‍යයේ වෛද්‍යවරියක් හැටියට කටයුතු කරනවා. නිරෝධායන නීති කඩකරමින් ඔබේ ඒ සහෝදරිය පියාට අවසන් ගෞරව දක්වන්න ආවා කියලත් කියනවා..?

ඕමාන් කියන්නෙත් කොරෝනා ප්‍රශ්නයෙන් බැට කන රටක්. අක්කා එහෙ වෛද්‍යවරියක්. එයාටත් එහෙන් මෙහෙට එන්න බැහැ. හැම දුවෙක් පුතෙක්ම හරි කැමතියි තමන්ගේ දෙමාපියන්ගේ අවසන් මොහොතේ ලග ඉන්නවාට. මගේ අක්කාට එහෙම ලග ඉන්න අවස්ථාව ලැබුනේ නැහැ. එයා හරිම කණගාටුවෙන් ඉන්නේ එයාට තාත්තට අවසන් ගෞරව කරන්න එන්න බැරි වුනාට. ඒ වගේම එයා ගැන සමාජයේ පැතිරිලා යන කතාවලටත් එයා සැහෙන්න කණගාටු වුනා. ඒ වගේම කියන්න ඕන මගේ මස්සිනා සෙන්දිල් තොන්ඩමන්ගේ බිරිද මාත් එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා ඒ මගේ ඕමාන් ඉන්න අක්කා කියලා දාලා තිබ්බා. ඒ මග ඕමාන් ඉන්න අක්කා නෙමෙයි. සෙන්දිල් තොන්ඩමන්ගේ බිරිද. දන්න හැමෝම දන්නවා ඒ කවුද කියලා.

ඔබ පියාගේ දේහයෙන් දේශපාලන ආකර්ෂණය ගත්තා කියලත් කියනවා..?

තාත්තාගේ දේහය රැගෙන ජනතාවගේ ගෞරවය සදහා රැගෙන යන මොහොතේ වාහන කිහිපයක් බ්ලොක් වුනා. පොලිසිය ගොඩක් මහන්සි වුනා එය යථාතත්වයට පත් කරන්න. මම පැය දෙකක් පයින් ඇවිත් ඒ ප්‍රශ්නේ නිසා තමයි වාහනේට නැගලා ජනතාවගෙන් කරුණාවෙන් ඉවත් වෙලා අපිට යන්න දෙන්න කියලා ඉල්ලීම කළේ. විනාඩි දෙකක් ගත වෙන්න ඇති මම වාහනේට නැගලා ජනතාව ස්තුති කළේ. එය වෙන දෙයක් බලාපොරොත්තුවෙන් කල දෙයක් නෙමෙයි.

ඒ වගේම කියන්න ඕන මට මාධ්‍යවල පෙනී ඉන්න කිසිම ආසාවක් නැහැ කියලා. මම ලංකාවට ඇවිත් අවුරුදු 3ක් වෙනවා. තාත්තට ආදරේ කරන ජනතාව වෙනුවෙන් තාත්තා එක්ක මම අවුරුදු දෙකක් නිහඩව සේවය කළා. මම මාධ්‍යවල පෙනී ඉදලා ජනප්‍රිය වෙනවා නම් මිට කලින් කරලා. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ.

තාත්තාගේ දේශපාලනය ඉදිරියට රැගෙන යන්න ඔබ දේශපාලනයට එනවාද..දමිල ජනතාවගේ බලාපොරොත්තුව ඔබ නේද..?

තාත්තා දේශපාලනය කළා කියලා මම දේශපාලඥයෙක් වෙන්න ඕන කියලා නියමයක් නැහැ. මම විශ්වාස කරනවා තාත්තා එක්ක හිටියා වගේ ජනතාව පක්ෂ මාරු නොකර හරි දෙයක් කරයි කියලා. මම තවම තීරණයක් අරගෙන නැහැ මොකද කරන්නේ කියලා. මට අවශ්‍ය තාත්තා වගේ ජනතාවට සේවය කරන්නයි. එහෙම නැතුව මාධ්‍ය ඉදිරියේ පෙනී ඉන්න නෙමෙයි.

හර්ෂණී වීරරත්න




පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව... Read More

ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවක් පවතින බව අගමැති කියයි
Monday, 06 July 2020 - 13:21

පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට වර්තමානයේ පැහැදිලි අවශ්‍යතාවයක්... Read More

ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළට - ආදායම් බදු නිදහසේ වෙනසක් නැහැ
Monday, 06 July 2020 - 13:15

වානිජ බැංකු විසින් පොලී අනුපාත පහත දැමීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ... Read More