කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි විරෝධතා අතර පොලිස් වෙඩිප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට (වීඩියෝ)

Monday, 01 June 2020 - 18:41

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමෙරිකාවේ ඇරඹුණු විරෝධතා අතර  ලුවිස්විල් හිදී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩකාරීවූ විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලිසිය මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

මේ අතර මෙලෙස වෙඩිප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නෑ.

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නගර රැසක 6වන දිනටත් ප්‍රචණ්ඩ විරෝධතා පැවැත්වුණා.

වොෂින්ටනයේ ධවල මන්දිරය අසල පැවති එවැනි විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනය මගින් ප්‍රචණ්ඩ විරෝධතාවල නිරත වූවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන අතර, කොල්ලකෑමේ සිද්ධීන් රැසක් ද වාර්තා වුණා.

ධවල මන්දිරයට යාබදව පිහිටි කුඩා උද්‍යානයක රැස්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් මෙන්ම ගම්මිරිස් කුඩු සහ ආලෝක බෝම්බ යොදා ගනු ලැබූයේ ඔවුන් දේපලවලට හානි කරමින් ඒවා ගිනිබත් කිරීමත් සමඟයි.



දේශපාලනික ගැටලු සඳහා විසදුම් සෙවිය යුත්තේ දේශපාලනය හරහායි - අනුර කුමාර (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:14

දේශපාලනඥයින් විසින් ඇතිකළ ආර්ථික, සමාජයීය හා දේශපාලනික ගැටලු... Read More

ගැටුම් නොමැතිව රජයක් ගෙන යාමට අගමැති කළ ඉල්ලීම (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:07

ගැටුම් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති... Read More