පළගැටි උවදුර තවදුරටත් පැතිරේ (වීඩියෝ)

Monday, 01 June 2020 - 19:14

%E0%B6%B4%E0%B7%85%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරුණෑගල - මාවතගමින් පසුගිය දා වාර්තා වූ පළගැටි විශේෂය එහි තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක මේ වනවිට වාර්තා වන බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා.

මාවතගම - ෆ්‍රැන්සිස්කා වත්ත ප්‍රදේශයෙන් මෙම පළගැටි විශේෂය පළමු වරට හඳුනා ගැනුණු අතර, ඊයේ දිනයේදී ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් ද එම ප්‍රදේශයට පැමිණ තිබුණා.

අදාළ පළගැටි විශේෂය මෙතෙක් නිශ්චිත හඳුනාගෙන නොමැති අතර, එම සත්ත්වයින් මඤ්ඤොක්කා, පොල්, බඩඉරිඟු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු වගාවන් රැසකට හානි සිදුකර තිබූ බවයි අධ්‍යයන වලින් අනාවරණ වී ඇත්තේ.

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙම පළගැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ පළගැටි විශේෂයට සමාන ද යන්න සෙවීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද දිනයේදී පළාත් කෘෂිකර්ම බලධාරීන් පළගැටි විශේෂය සිටින ස්ථානය හඳුනාගෙන මර්දනය කිරීම සඳහා පළිබෝධනාශක ඉසීම සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට එක්වෙමින් වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබලිව්.ඒ. සීලරතන ප්‍රකාශ කළේ මෙම පළගැටියන් විදෙස් රටකින් පැමිණි විශේෂයක් නොවන බවයි.

භෝග වගාවට අමතරව විශාල ගස් මත ද මෙම පළගැටියන් දක්නට ලැබෙන බවයි මාවතගම ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා එදිරිසිංහ ප්‍රකාශ කළේ.

පසුගිය කාලසීමාව තුළ ද බඩඉරිඟුවලට හානි කරන ‘සේනා’ නැමති දළඹු විශේෂයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 16:03

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2605ක් දක්වා... Read More

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More