පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්

Monday, 01 June 2020 - 19:42

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+30%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව දූෂණය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුට අනුරාධපුර අංක 02 මහාධිකරණයේ හිටපු විනිසුරු සහ දකුණු පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක අද වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළා.

පැමිණිලිකාරියට 350,000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා, එය පැහැර හරින්නේ නම් තවත් මාස 48 ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවයි සඳහන් කළේ.

ඊට අමතරව, රුපියල් 19,000 ක දඩ මුදලක් ද ගෙවන ලෙස විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළ අතර, දඩමුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වැඩ සහිත මාස 94 ක සිරදඩුවමකට ද යටත් කෙරුණා.

මෙලෙස දඬුවම් නියම වුණේ කහටගස්දිගිලිය - පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකුටයි.

හොරොව්පතානේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා ලෙස මෙම පුද්ගලයා සේවය කර ඇති අතර, අදාල දැරිය එම බස් රථයේ වරින් වර පාසල් සහ උපකාරක පන්ති සඳහා ගමන් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණ වුණා.

ඒ අතරතුර විත්තිකරු තමන් අවිවාහක බව පවසා ඇය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගනිමින් සිසුවිය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තිබෙනවා.

එසේ පවසා දැරිය 2011 වසරේ ජූලි මස බස් රථය තුළදී සහ ලැගුම්හල් වෙත රැගෙන ගොස් මෙලෙස බරපතල ලෙස දූෂණයට ලක් කර ඇති බවටයි නඩු විභාගයේදී හෙළි වුණේ.



පාඨලී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 06 July 2020 - 13:30

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට... Read More

පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව... Read More

ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවක් පවතින බව අගමැති කියයි
Monday, 06 July 2020 - 13:21

පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට වර්තමානයේ පැහැදිලි අවශ්‍යතාවයක්... Read More