ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)

Monday, 01 June 2020 - 20:23

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය ගල්කිස්ස වෙරළ තීරයේ ඛාදනය අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක වියදමින් ඉදිකළ කෘත්‍රිම වැලිපෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක නොවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දින කිහිපය තුළම හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකළ අතර එහිදී දැක ගත හැකි වූයේ ඉදිකළ කෘත්‍රිම වැලිපෝෂක මුහුදු ඛාදනයට ලක්ව ඇති බවයි.

ගල්කිස්ස කෘත්‍රිම වැලිපෝෂණ ව්‍යාපෘතිය පසුගිය අප්‍රේල් මස 16 වනදා ආරම්භ වූ අතර, අප්‍රේල් 22 වනදා එය නිමාවට පත් වුණා.

රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6 ක් ඈතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් එක්ලක්ෂ 50,000 ක් පමණ පොම්ප කිරීම සිදුවූයේ ඒ අනුවයි.

ඒ සඳහා රුපියල් කෝටි 89 ක් වැය වී ඇති බව ද සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද මේ පිළිබඳව අදහස් පළ වූ අතර එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ මෙම ක්‍රියාවලිය නිසි නීතිමය පටිපාටියකට අනුව සිදුව ඇත්දැයි සොයා බලන බවයි.





මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 16:03

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2605ක් දක්වා... Read More

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More