මාලිගාවත්තේ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 01 June 2020 - 21:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා සමඟ කාමරය තුළ සිටි ඔහුගේ මිත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 07 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 200ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත මැල්වත්ත පාලම අසලදීයි.