ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැටතුන් ලක්ෂය ඉක්මවයි (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 6:34

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 63 ලක්ෂ 61,612කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා මරණ 377,150ක් වාර්තාවුණා.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොවිඩ් රෝගීන් 22,004ක් සොයා ගැනීමත් සමඟ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,859,174ක් දක්වා ඉහළ ගිය අතර මරණ 106,923ක් වාර්තා වන්නේ නව මරණ 720ක් සොයාගැනීමත් සමඟයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවෙනවා.

ඒ බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ නව කොරෝනා රෝගීන් 14,169ක් සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 529,018ක් දක්වා ඉහළ ගියා.

එරට කොවිඩ් මරණ සංඛ්‍යාවද තිස්දහසේ සිමාව පසු කර තිබෙනවා.

ඒ ගත වූ පැය 24 තුළ නව කොවිඩ් මරණ 732ක් එක්වීමත් සමඟයි.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 198,370ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයන් 7,761ක් සමඟයි.

ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ද 5,608ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ ලොව 7 වන රට බවට පත්ව තිබෙනවා.

මේ අතර, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම මුහුණු ආවරණ හා ඇස් ආරක්ෂා කිරීමේ උපාංග පැළදීමෙන් කොවිඞ් නයින්ටීන් ආසාදනයේ අවදානම අවම වන බව නව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

රටවල් 16ක සිදුකළ අධ්‍යයනයන් 172ක ප්‍රතිඵල ඇගයීමට ලක් කිරීමෙන් ඒ බව තහවුරු වී ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ඊයේ ප්‍රසිද්ධියට පත් කෙරුණා.



උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More

රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More