මුහුදු ජලයෙන් පහන් දල්වන, මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍ය ඇරඹෙයි (ඡායාරූප)

Tuesday, 02 June 2020 - 7:37

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුහුදු ජලයෙන් පහන් දල්වන මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ (01) ආරම්භ කෙරුණා.

මුලතිව්, සිලාවත්ත ප්‍රදේශයේ පිහිටි මුහුදු ජලය ලබා ගෙන එම ජලය පෙරහැරකින් රැගෙන විත් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ පහන් දැල්වීමෙන් අනතුරුව වාර්ෂික මංගල්ලය ආරම්භ කිරීම මෙහි චාරිත්‍රයයි.

සෑම වසරකම මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යට ජනතාව විශාල පිරිසකගේ සහභාගී වූව ද පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය මත මෙවර එම උත්සවයට සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ කෝවිලේ පාලක සභාවට දැනුම් දි තිබෙනවා.

කෝවිල් පාලක සභාව පැවසූවේ පසුගිය වසරවල ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කෝවිල් උත්සවය වෙනුවෙන් සහභාගි වූ බවයි.

කෝවිලේ අවසන් දිය කැපීමේ උත්සවය ජුනි 08 වනදා පැවැත්වීමට නියමිත බවද කෝවිලේ පාලක සභාව පැවසුවා.



ඡායාරූප - වව්නියාව - මාධව කුලසේකර



මත් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම අඛණ්ඩව (වීඩියෝ)
Monday, 06 July 2020 - 7:25

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 885 දක්වා ඉහළට
Monday, 06 July 2020 - 7:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

ඉතියෝපියාවේ සිට 230ක් ශ්‍රී ලංකාවට
Monday, 06 July 2020 - 7:13

අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිට ශ්‍රී... Read More