ඇසළ පෙරහර මංගල්‍ය පවත්වන ආකාරය ගැන සාකච්ඡාවක් අද

Tuesday, 02 June 2020 - 7:38

%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
කොරෝනා වසංගතය හමුවේ මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මූලික අදියරේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු පිරිසක් අතරයි.

දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමට අමතරව දැනට තාවකාලිකව වසා දමා ඇති මහනුවර ශ්‍රී දළදා මාළිගය සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති.

මේ අතර, ඓතිහාසික රුහුණුමහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර පැවැත්වීම පිළිබදව මේ සතියේ තීරණය කරන බව එම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් තීරණය එළඹෙන බවයි බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More

ඉන්දියාව, රුසියාව අභිබවයි
Monday, 06 July 2020 - 8:12

ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල... Read More