විරෝධතා මැඬලීමට ට්‍රම්ප්, සන්නද්ධ හමුදා කැදවීමට සැරසේ

Tuesday, 02 June 2020 - 8:07

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමරිකාව පුරා පැතිරෙන විරෝධතා මැඬලීම සඳහා දැඩි ලෙස සන්නද්ධ වූ හමුදා යෙදවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

වොෂින්ටනයේ එලෙස ජාතික ආරක්ෂක බලකායේ භටයන් යොදවන බව ඔහු කියා සිටියේ ධවල මන්දිරය ආසන්නයේ ගොඩනැගිලි සහ ස්මාරක රැසක් විරෝධතාකරුවන් විසින් ගිනිබත් කිරීමෙන් අනතුරුවයි.

දැන් පැන නැගී ඇති විරෝධතා රැල්ල ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වන ජනපති ට්‍රම්ප් දස දහස් සංඛ්‍යාත සන්නද්ධ හමුදා කලහකාරීන්, කොල්ලකරුවන් සහ දේපළවලට හානි කරන පුද්ගලයන් වැළැක්වීමට යොදවන බව කියා සිටියා.

එමෙන්ම, මෙම විරෝධතා දැඩි දඬුවම් විදීමට සිදුවන අපරාධ ක්‍රියා ලෙස ධවල මන්දිරය ආලින්දයේ පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, අවට විරෝධතාකරුවන්ට එරෙහිව පොලීසිය කඳුළු ගෑස් සහ ආලෝක බෝම්බ යොදා ගැනීමේ හඬ පසුබිමෙන් ඇසෙද්දීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories