55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වැඩ භාර ගනී (ඡායාරූප)

Tuesday, 02 June 2020 - 8:04

55+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ වැඩ භාරගෙන තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මීට පෙර යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායකවරයා ලෙස කටයුතු කර බවයි.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ප්‍රථමයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු වී තිබෙනවා.

එහිදී, යුද්ධ හමුදාවේ සියළු නිලයන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් ඉහළනංවමින් අනාගත අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි වෘත්තීය අපේක්‍ෂාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂ අවධානය යොමු වූ බව යුද්ධ හමුදා මාධ්‍ය අංශය පවසනවා.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් වුයේ මීට පෙර එම තනතුරේ සේවය කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මීට දින කිහිපයකට ප්‍රථම යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි.





උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More