සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට

Tuesday, 02 June 2020 - 9:02

%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර - අකුරැස්ස - බලකාවල ප්‍රදේශයේදියි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින අංජු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයෙකු වන මොහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ද වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට මීට පෙර “කොණ්ඩ ජනිත්” නැමති පුද්ගලයෙකු පානදුර - එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන මස 5 වන දා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමි වුණා.

සොයිසාපුර ප්‍රදේශයේ අදාළ ආපනශාලාවට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන හිරු ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පසුගිය දා විකාශය කළ අතර, ඉන් අනතුරුවයි ආරක්ෂක අංශ ඒ පිළිබදව අවධානය යොමු කළේ.

එසේම වෙඩි තැබීම වන විට ආපනශාලාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පියවර ගැනුනේ.


සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More

පාඨලී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 06 July 2020 - 13:30

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට... Read More

පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව... Read More