මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Tuesday, 02 June 2020 - 9:50

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස දැනට බන්ධනාරගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 31 හැවිරිදි බමුණූආරච්චිගේ රුක්ෂාන් හෙවත් උක්ෂාන් නැමත්තා ඊයේ රාත්‍රීයේ කොටහේන සුපිරි වෙළඳසැලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ද සමගයි.

එසේම, ඊට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත ප්‍රදේශවලදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.

31 හැවිරිදි වියේ පසුවන ඔවුන් කොළොන්නාව, මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් එක් සැකකරුවෙකු ඒ වනවිට තුවාල ලබා සිටි බැවින් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුගිය 30 වනදා පස්වරු 05ට පමණ සිදුවු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට කොළඹ - ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මත්කුඩු අලෙවියෙන් ලැබෙන මුදල් ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඔහුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි හෙලිවී ඇත්තේ.

2018 වසරේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මාලිගාවත්ත - අබ්දුල් මජීඞ් මාවතේ ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට වෙඩි තැබූ අතර, එහිදී ඔහු දිවි බේරාගත්තා.

අනතුරුව ඊට සම්බන්ධ සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැණුනු අතර, ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. එම සිද්ධිය ද මෙහෙයවා ඇත්තේ කන්ජිපානි ඉම්රාන් බවට පසුව හෙලි වුණා.


සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More