වෛරසය සමඟ ජීවත් වන්න - ඉම්රාන් ඛාන් පාකිස්තානුවන්ගෙන් ඉල්ලයි

Tuesday, 02 June 2020 - 10:16

%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රට යළි විවෘත කිරීමට ගනු ලැබූ තීරණය සාධාරණීය කිරීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ උත්සාහයක නිරත වුණා.

ඔහු කියා සිටියේ ආර්ථිකය අක්‍රිය වීම වැළැක්වීමට එවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි.

වෛසරය සමඟ ජීවත් වීමට හුරු වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

රටේ තත්ත්වය අනුව ජනතාව ජීවත් කරලීම සඳහා රජයට අඛණ්ඩව මුදල් වැය කළ නොහැකියි. වෛරසය තවදුරටත් පැතිරුණු ද ජනතාව පරීක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් වෛරසය සමඟ ජීවත් විය හැකි බව පාකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමඟ පැනවුණු සීමාවන් බොහොමයක් පාකිස්තානය මේ වන විට ඉවත් කර ඇති අතර, සංචාරක කර්මාන්තය සඳහා ද රට විවෘත කිරීමටයි දැන් සැලසුම් කෙරෙන්නේ.

එහෙත් සිනමාහල්, රඟහල් සහ පාසල් තවදුරටත් වසා තැබෙනවා.

මිලියන 220ක ජනගහනයක් සහිත පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන් 72,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 1543ක්.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More