ආසාදිතයින්ගෙන් වෛරසය සමාජගතවීමේ, අවදානමක් නොමැති බවට හමුදාපති සහතික වෙයි (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 12:42

%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් නාවික හමුදා සාමාජිකයින්ගෙන්, යුද හමුදා නිලධාරියාගේ සමීපතමයින්ගෙන් සහ විදෙස් රටවල සිට පැමිණෙන ලාංකිකයන්ගෙන් වෛරසය සමාජගත වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වූ අතර, එහිදී මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක්, යුද හමුදා සාමාජිකයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙක් මෙන්ම ඉන්දුනිසියාව හා බෙලරූස් රාජ්‍යයෙන් පැමිණි දෙදෙනෙකු සහ බංග්ලාදේශයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 4 දෙනෙකු ද වනවා.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 4 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 415 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, දැනට වැඩි වශයෙන් ආසාදිතයින් ලෙස වාර්තා වන නාවික හමුදා සහ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් බාහිර සමාජයට වෛරසය ආසාදනය වී නොමැති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණෙනු ඇති.

මීට අමතරව ලබන සෙනසුරාදා ද එක්සත් රාජධානියේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

මෙවන් පසුබිමක විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ගේ පී.සී.ආර්. සාම්පල ලබා ගැනීම ගුවන් තොටුපළේදීම සිදුකිරීමේ ක්‍රියාවලිය අදත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, මෙරට කොරෝනා ව්‍යාප්ත වූයේ නිසි කාලසීමාවේදී ගුවන් තොටුපළ වසා නොදැමීම හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඒ, හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදයට එක්වෙමින්.

නමුත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ටී.වී. ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් එම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ නිසි වේලාවට ගුවන් තොටුපළ වසා දැමීම සඳහා වත්මන් රජය කටයුතු කළ බවයි.

මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 811 ලෙස සටහන් වන අතර, පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories