පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගෙන්, ස්ථාන 6ක පුහුණු කඳවුරු 10ක් - ජනපති කොමිසමේදී හෙළිවේ (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 12:57

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+6%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+10%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් දිවයිනේ ස්ථාන 06කදී කඳවුරු 10 ක් තුල අවි පුහුණුවීම් සිදුකර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

ඊයේ දිනයේ තුන්වනවරටත් සාක්ෂි ලබාදුන් එම නිලධාරියා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් ප්‍රහාරයට පෙර දින පටිගත කළ වීඩියෝපටය මගින් ශ්‍රී ලංකාව තුල එවැනි ප්‍රහාර මාලාවක් සිදුකිරීමට හේතු වූ කරුණු අනාවරණ වූ බව ප්‍රකාශ කළා.

සහරාන් හෂීම් විසින් පුද්ගලයින්ට අවි පුහුණුව ලබාදුන් ස්ථාන සම්බන්ධයෙන් කොමිසම සිදුකල විමසුමට පිළිතුරු ලබාදෙමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියා ප්‍රකාශ කළේ ඔහු,

දිවයිනේ ස්ථාන 06ක දී පුහුණු කඳවුරු 10ක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව හම්බන්තොට - සිප්පුකුලම, මහනුවර - ලේවැල්ල, මල්වාන - යටිහේන, නුවරඑළිය - බ්ලැක් ෆූල් සහ ශාන්ත පුර ප්‍රදේශවල මෙන්ම මැදවච්චිය රබෑව සහ තල්ගස්වැව ප්‍රදේශවල එම කඳවුරු ක්‍රියාත්මක වී ඇති බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

තවදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කලේ මල්වාන - යටිහේන කඳවුරේ හැර සෙසු සියලු කඳවුරු වල අවි පුහූණුව ලබා දී ඇති අතර, ඒ සඳහා ටි - 56 සහ පිස්තෝල අවි භාවිතා කර ඇති බවයි.

සෑම කඳවුරකටම 25ත් 30ත් අතර පිරිසක් සහභාගි වී ඇති බවත්, ඒවාට එක්වූ පුහුණුකරුවන් කඳවුරු කිහිපයකටත්, පුහුණුව සඳහා සහභාගිවූවන් එක් කදවුරකින් තවත් කදවුරකටත් වෙනස් වූ බවටත් තොරතුරු ලැබී ඇති බවයි සාක්ෂිකරු කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ අවි පුහුණුව ලබා දුන් අය අතරින් කිහිපදෙනෙකු ප්‍රහාරය සිදුවු දිනයේදී මිය ගොස් ඇති අතර, තවත් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ප්‍රහාරය සදහා පුපුරන ද්‍රව්‍ය ලබා ගෙන ඇත්තේ කොළඹ හා වාලච්චෙන ප්‍රදේශවලින් වන අතර රන් භාණ්ඩ නිෂ්පාදන ආයතන වලින් සහ පොහොර අලෙවි සැල් මගින්ද අමුද්‍රව්‍ය මිලදි ගෙන ඇති බවද සාක්ෂිකරු කොමිසම සිදුකල ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories