බකමූණේ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මරුට

Tuesday, 02 June 2020 - 13:00

%E0%B6%B6%E0%B6%9A%E0%B6%B8%E0%B7%96%E0%B6%AB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ යුද හමුදා සාමාජිකයින් ගමන් ගත් යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඔවුන් 27 සහ 28 වයස්වල පසුවන ලුණුගල සහ හල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

මිය ගිය හමුදා සාමාජිකයන්ගේ සිරුරු මේ වන විට බකමූණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories