ලබන සඳුදා(08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින්

Tuesday, 02 June 2020 - 13:38

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%2808%29+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මහජන හැසිරීම් මෙන්ම, සෞඛ්‍ය උපදෙස් සලකා බලා ලබන සඳුදා සිට දුම්රිය බස් රථ ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙන්ම ශ්‍රී ලංගම ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව, පෞද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කෙරෙන අතර, පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට අපේක්ෂා කෙරෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් එම බස් රථ හෙට සිට තාවකාලිකව ලියාපදිංචි කරන බවද සඳහන්.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.



උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More

රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More