ඡන්දය ගැන පෙත්සම්, විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 15:17

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද ඒකමතිකව තීන්දු කළා.

ඒ අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කරන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

දින 10 ක් පැවති පෙත්සම් සළකා බැලීම ඊයේ දිනයෙන් අවසන් වූ අතර, තීන්දුව අද ප්‍රකාශයට කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.  

ඒ අනුව අද පස්වරු තුනට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා, පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් ප්‍රතික්ෂේප කිරීමටද තීරණය කළ බවයි.

ජූනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනුකර තිබුණේ සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුලු පාර්ශව හතක් විසින්.









උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More

රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More