ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 15:39

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ.

දින 10 ක් පැවති පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළා.

එහිදි අගවිනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් ප්‍රතික්ෂේප කිරීමටද තීරණය කළ බවයි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව සිදුකරනු ලැබූ කරුණු සළකා බැලීම ඊයේ අවසන් කෙරුණා.

ජූනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුලු පාර්ශව හතක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.



සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More