ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 19:50

ETI+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+12+%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල අයිතිය සහ අධ්‍යක්ෂවරු විවිධ අවස්ථාවලදී වෙනස් වී ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් නිහාල් රංජිත් සිරිවර්ධන ප්‍රකාශ කළා.

ඒ, ඊ.ටී.අයි. සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාව අද රැස්වූ අවස්ථාවේදියි.

එහි නිල කාලය දීර්ඝ කිරීමෙන් පසු අද එම කොමිසම රැස්වූයේ පළමු වරටයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන ලද මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 9 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා.

එම කොමිසම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ විශ්‍රාමික බැංකු නිලධාරී ඩී.එම්. ගුණසේකරගෙන් සමන්විතයි.

එහි නිල කාලය පසුගිය අප්‍රේල් 9 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත් නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් 9 වනදා දක්වා දීර්ඝ කිරීමෙන් පසුවයි අද එම කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරුණේ.

ඒ අනුව සාක්ෂි විමසීම සඳහා කොමිසම හමුවට අද කැඳවා තිබුණේ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් නිහාල් රංජිත් සිරිවර්ධනයි.

කොමිසම එහිදී විමසා සිටියේ ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ අයිතිය සහ අධ්‍යක්ෂවරු විවිධ අවස්ථාවලදී වෙනස් වී ඇත්ද යන්නයි.

අදාළ සමාගම් දොළහෙන් ඇතැම් සමාගම්වල එවැන්නක් සිදුව ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.

කොමිසම එහිදී ඔහුට පැවසුවේ අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි.

ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිගොනු හෙට දිනයේදී කොමිසමට ඉදිරිපත් කරන බව සාක්ෂිකරු කියා සිටියා.

කොමිසම රැස්වූ අවස්ථාවේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් ද එම පරිශ්‍රයට පැමිණ සිටියා.  



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More