ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 40 දෙනාගේ තොරතුරු හෙළිවෙයි

Wednesday, 03 June 2020 - 6:55

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආසාදිතයන් 40 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,683 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 32 කු විදේශයන් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින අය බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

කටාර් හි සිට පැමිණි 27 කට, කුවේට් හි සිට පැමිණි 3 කට සහ ඩුබායි සහ රුසියාවේ සිට පැමිණි එක් අයෙකුට මෙලෙස කොවිඞ් නයින්ටීන් ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම, නාවික හමුදාවේ සාමාජිකයින් 7 දෙනෙකුට සහ ඔවුන් ඇසුරු කළ තැනැත්තියකට ද වෛරසය ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට වෛරසය ආසාදනය වූවන් 849 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, ඉටුකම අරමුදලේ ශේෂය, 1030 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එසේම එම අරමුදලට රුපියල් ලක්ෂ 45 ක මුදලක් මෙරට පිරිවෙන් නියෝජනය කරමින් පරිත්‍යාග කිරීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ සිදුකෙරුණා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64 ලක්ෂ 74,075 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තුන් ලක්ෂ 81,718ක් ලෙසයි.