පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී, තවත් හෙළිදරව්වක්

Wednesday, 03 June 2020 - 8:17

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සහරාන් හෂීම් සිය ෆේස්බුක් ගිණුම හරහා මුදා හැර තිබූ වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එවක පොලිස්පතිවරයා වෙත අවස්ථා 14 කදී පරීක්ෂණ වාර්තා ලබා දී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු කොමිසම හමුවේ තුන්වන දිනටත් පෙරේදා සාක්ෂි ලබාදුන්නා.

ජනාධිපති කොමිසම ඔහුගෙන් එහිදී විමසුවේ ප්‍රහාරයට පෙර සිට සහරාන් හෂීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හරහා තොරතුරු ලැබුණේද යන්නයි.

රාජ්‍ය බුද්ධි සේවය මගින් පොලිස්පතිවරයාට ලබාදුන් කරුණු අනුව ඔහු තම අංශයට ඒ පිළිබඳව සොයා බලන්නැයි උපදෙස් දුන් බව සාක්ෂිකරු පැවසුවා.

සහරාන් විසින් 2017 - 2018 කාලය තුළ සිය ෆේස්බුක් ගිණුම හරහා මුදා හැර තිබූ වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය කරගත් පසු ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා පොලිස්පතිවරයා වෙත අවස්ථා 14 කදී පරීක්ෂණ වාර්තා ලබාදුන් බව සාක්ෂිකරු සඳහන් කළා.

පොලිස්පතිවරයා වැඩිදුර වාර්තා ඉල්ලීම පමණද සිදුකළේ ? ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නේ නැද්ද යැයි කොමිසම එවිට සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා.

පොලිස්පතිවරයා විසින් ඒ සෑම අවස්ථාවකම වැඩිදුර වාර්තා ඉල්ලා සිටි බව සාක්ෂිකරුගේ පිළිතුර වුණා.

සාක්ෂිකරු කොමිසම හමුවේ හෙලිකළේ සහරාන්ගේ වීඩියෝ පටවල ඇතුලත් ප්‍රකාශ හරහා සාමාන්‍ය මුස්ලිම් තරුණ ප්‍රජාව අන්තවාදී කටයුතු සඳහා අභිප්‍රේරණය වීමේ ඇති හැකියාව මත සහරාන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ බවයි.

ඒ අනුව සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, සැකකරු සිටින ස්ථානයක් අනාවරණය කරගැනීමට හැකි වී නැහැ.

අදාළ විවෘත වරෙන්තුව සම්බන්ධයෙන් දිවයිනේ සියලු‍ පොලිස් ස්ථාන දැනුවත්ව සිටියාදැයි කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ එය එසේ විය යුතු වුවත් එවැන්නක් සිදු වී නැති අතර එය අතපසුවීමකින් සිදු වූවායැයි තමන් නොසිතන බවයි.

කොමිසම විමසා සිටියේ සහරාන් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාද් සංවිධානයට දේශපාලන රැකවරණ තිබු‍ණේද යන්නයි.

එම සංවිධානයට නොව පුද්ගලිකව සහරාන් හෂිම්ට එවැනි දේශපාලකයෙකුගේ රැකවරණය ලැබී ඇති බවත් ඒ නැගෙනහිර පළාත් සභාවේ එවක මන්ත්‍රීවරයෙකු වූ සිබ්ලි ෆාරුක් නැමැත්තාගෙන් බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියා කොමිසමට අනාවරණය කළා.


මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More

පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

කිලිනොච්චියේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Monday, 06 July 2020 - 7:44

කිලිනොච්චිය, පුනරීන් - තම්බිරායි ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ... Read More