සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 03 June 2020 - 9:01

%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගල්කිස්ස - සොයිසාපුර ආපනශාලාවකට වෙඩි තබා පලායාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 36 වයස්වල පසුවන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංජුගේ සම්පතමයින් බව හෙළි වී තිබෙනවා.

මෙම සැකකරුවන් ආපනශාලාවට වෙඩි තැබ්මේ සිද්ධිය මෙහෙයවු අය වන අතර වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවි සඟවා තබාගැනීම සිදු කර ඇත්තේ ද මෙම සැකකැරුවන් විසින්.

මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් අතර, ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 4 ක්.

ඊට අමතරව, අදාළ ආපනශාලාවේ හිමිකරුගෙන් ලක්ෂ 5 බැගින් අවස්ථා 3 කදී කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු ද ඊයේ පොලිස් භාරයට ගැණුනා.