ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පිහිටුවීමේ ගැසට් පත්‍ර නිකුත් වෙයි (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 9:04

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර, එහි සභාපතීත්වය දරනු ලබන්නේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාවල බුද්ධි අංශ ප්‍රධානීන් මෙම කාර්ය සාධක බලකායට ඇතුළත්.

අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සදහන් වන්නේ මත්උවදුරෙන් සමාජය මුදා ගැනීම සඳහා නීතිගරුක සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කර ඇති බවයි.

මේ අතර, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය කිරීම සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු සාමාජිකයන් 11ක් ඊට ඇතුළත්.



බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 6:29

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More