මංගල උත්සව නිරීක්ෂණය සඳහා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 9:19

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%9F%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මංගල උත්සව පැවැත්වීම සඳහා කොන්දේසි සහිතව අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ උත්සව ශාලාවේ පුද්ගල ධාරිතාවයෙන් හරි අඩකට සහභාගී කරවගනිමින් එම උත්සව සනීපාරක්ෂක ක්‍රම භාවිත කරමින් පැවැත්විය හැකිබවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් විවාහ උත්සව පැවැත්වීම නිරීක්ෂණ කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මේ වන විට යොදවා තිබෙනවා.

තමන් ලබා දෙන උපදෙස් පත්‍රිකාව අනුව මංගල උත්සව පවත්වන්නේ දැයි සොයා බැලීමට ක්‍ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරිෂක වරුන් යෙදවීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ හිරුට ප්‍රකාශ කළා.

මංගල උත්සවය සඳහා සහභාගී වන සියලුම දෙනාගේ නම, ලිපිනය සඳහන් දත්ත පත්‍රිකාවක් ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත ලබා දී පූර්ව අනුමැතියක් ලබා ගතයුතු බවයි ඔහු පවසන්නේ.

ඉන් අනතුරුව ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබාදෙන උපදෙස් පත්‍රිකාව අනුව මංගල උත්සවය පැවැත්විය යුතු අතර සහභාගිවන පිරිස උපරිමය 100 දෙනෙකුට සිමාවියයුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

පසුගිය දිනෙක ගාල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක-වරුන් පැමිණි ආකාරය පහතින්.



උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More

රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More