සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 418ක් (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 9:55

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+418%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 418 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ ඊයේ දිනයේදී තවත් නාවික හමුදා සාමාජිකයින් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 349 දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබනවා.

මේ අතර, නව ආසාදිතයන් 40 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,683 දක්වා ඉහළ ගියා.

ඉන් 32 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින අය බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

කටාර් හි සිට පැමිණි 27 කට, කුවේට් හි සිට පැමිණි 3 කට සහ ඩුබායි සහ රුසියාවේ සිට පැමිණි එක් අයෙකුට මෙලෙස කොවිඞ් නයින්ටීන් ආසාදනය වී තිබෙනවා.

ඉතිරි 7 දෙනා නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයෙකු සමග ලගින් ඇසුරු කළ පුද්ගලයෙකු වනවා.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64 ලක්ෂ 52,391 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තුන් ලක්ෂ 82,479 ක් ලෙසයි.

ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1232ක් මිය යාමත් සමඟ බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවා ගියා.

ඒ අනුව එරට මේ වන විට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 31,278ක්.

මේ අතර, අද සිට නිරෝධායනයට ලක් නොවී යුරෝපා රටවල සංචාරකයින්ට ඉතාලියට ඇතුළුවීමට එරට රජය අවසර ලබා දී තිබෙනවා.

එසේම, දකුණු කොරියාව තීරණය කර ඇත්තේ මැලේරියා රෝගීන්ට ලබාදෙන රැම්ඩර්සිවියර් ඖෂධය එරටට ආනයනය කර කොරෝනා රෝගීන්ට ලබාදීමටයි.

මීට පෙර ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය මෙම ඖෂධය ආනයනය කිරීමට පියවර ගනු ලැබුවා.



මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More