ප්‍රවාහන සේවකයින්ට චීනයෙන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ

Wednesday, 03 June 2020 - 11:06

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB
මගී ප්‍රවාහන සේවකයින්ගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ කට්ටල තොගයක් චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදී තිබෙනවා.

ඊයේ අදාළ සමාගම විසින් මෙම උපකරණ කට්ටල තොගය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදීයි.

ලබන සඳුදා සිට දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර, අදාළ උපකරණ කට්ටල ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් වෙත ලබාදීමට නියමිතයි.

මේ අතර, ලබන 22 වනදා සිට ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සෞඛ්‍ය අංශ ලබාදෙන රෙගුලාසිවලට අනුව එහි පළමු අදියර ලෙස ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයින් 18 දෙනෙකු බැද්දගානේ පිහිටි පාපන්දු සංකීර්ණයේදී නේවාසික පුහුණුවක් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories