ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64 ලක්ෂය ඉක්මවයි

Wednesday, 03 June 2020 - 11:39

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+64+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 64 ලක්ෂ 51,966කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා මරණ 382,479ක් වාර්තාවුණා.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොවිඩ් රෝගීන් 21,882ක් සොයා ගැනීමත් සමඟ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,881,205ක් දක්වා ඉහළ ගිය අතර මරණ 108,059ක් වාර්තා වන්නේ නව මරණ 1,134ක් සොයාගැනීමත් සමඟයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවෙනවා.

ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1232ක් මිය යාමත් සමඟ බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව එරට මේ වන විට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 31,278ක් වනවා.

ඉන් මරණ 7994ක් සිදුව ඇත්තේ බ්‍රසීලයේ වඩාත්ම ජනාකීර්ණ නගරයක් වන සාඔෆොලෝ ප්‍රාන්තයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට පන්ලක්ෂ 56,668 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 207,191ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයන් 8,821ක් සමඟයි.

ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ද 5,829ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ ලොව 7 වන රට බවට පත්ව තිබෙනවා.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More