මාවතගම පළගැටියා උතුර පළාතටත්

Wednesday, 03 June 2020 - 12:54

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
මාවතගම ප්‍රදේශයෙන් හඳුනාගත් බෝගවලට හානි කරන පළගැටියා මේ වනවිට උතුරු පළාතට ව්‍යාප්ත වී තිබෙනවා.

කුරුණෑගල, කෑගල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් ද මෙම පළගැටි උවදුර මේ වනවිට වාර්තා වී ඇති අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් සඳහන් කළේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් ද මෙම පළගැටියා හමුවී ඇති බවයි.

කුරුණෑගල - මාවතගම - ෆ්‍රැන්සිස්කෝ වත්ත ප්‍රදේශයෙන් සොයා ගැණුනු මෙම පළගැටියා එම ප්‍රදේශයේ පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මෙම පළගැටියාගෙන් තෘණ ශාකවලට මෙන්ම දැවමය වටිනාකමක් සහිත ශාකවලට ද හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories