මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 12:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුව ද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 වනදා මහමැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දු කළේ.

ඉන් අනතුරුව, ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වෙන්නේ අද පස්වරුවේයි.

එමෙන්ම, මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනය සකස් කර අවසන් බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවයි.

එමෙන්ම, මැතිවරණයට අදාළ වෙනත් මුද්‍රණ කටයුතු වේගවත්ව සිදුකළ යුතු ද යන්න තීරණය වන්නේ ද කොමිෂන් සභාව ලබාදෙන දින අනුව බව ඇය සඳහන් කළා.

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස්වුණා.

එහිදී සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එමෙන්ම, මහමැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන, ආචාර ධර්ම සහ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් අද රජයේ මුද්‍රණාලය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More