අදත් කොරෝනා ආසාදිතයින් 27 ක් - ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණි පියෙකු සහ දියණිය නිරෝධායනයට (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 19:11

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7++%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අලූතින් කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,710 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද වාර්තාවූ රෝගීන්ගෙන් 7 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, සෙසු පිරිස කුවේට් සහ කටාර් යන රාජ්‍යයන්හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා අද දිනයේදීත් රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 836 දක්වා ඉහළ ගියා.

863 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙකු අද රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවවූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාවද 424 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් හැටන් - දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ඇතුලූ දෙදෙනෙකු දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මොහු අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසට සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේ දේහය තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහාද එක්ව සිට ඇති බවයි කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. රාඝවන් සඳහන් කළේ.

ඔහුගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව මේ වනවිට ලැබී ඇති අතර, එහිදී හෙළිවී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ පියාණන් වන අභාවප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු නිරෝධායන රීතිවලට අනුව අද පස්වරුවේ බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ඉන්දියාවේ පවතින කොරෝනා වෛරසයේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් එරට සිට පුද්ගලයෙකු සිය දියණිය සමග බෝට්ටුවකින් දිවයිනට පැමිණ ඇති බව වාර්තාවුණා.

තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මෙරටට පැමිණි 33 හැවිරිදි පියා සහ 8 හැවිරිදි දියණිය අනතුරුව පොලීසියට භාරවී ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා මන්නාරමේ පදිංචිකරුවෙකු වුව ද, 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී සිය බිරිද හා දියණියන් දෙදෙනා ද සමග දිවි ගෙවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොවුන් රැගෙන ඒමට බෝට්ටුවේ ගිය අදාළ පුද්ගලයාගේ පියා ද පූනානිහි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි.

මේ අතර අද රාත්‍රී 10 ට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවෙන අතර, එය ලබන සෙනසුරාදා අලූයම 4 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

ඉන් පසු දිවයින පුරා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලූයම හතර දක්වා කාලය තුළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories