මිරිස්සේ වෙඩි තැබීම අංගොඩ ලොක්කාගේ වැඩක් බව හෙළිවේ

Wednesday, 03 June 2020 - 19:16

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දා නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරම් නමැති පාතාල කල්ලි සාමාජිකයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

සැකකරු යුද හමුදා විශේෂ බලකායේ වසර 10ක පමණ කාලයක් සේවය කර ඇති අතර, පසුව ඔහු ඉන් පලාවිත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වී ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මීට අමතරව ඔහු, පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ උපදෙස් අනුව ඝාතන සිදුකරන අතර, ෂන්සයින් සුද්දාට වෙඩි තබා ඇත්තේද අංගොඩ ලොක්කාගේ අනුදැනුම මත බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ජෙරම් කෝලිත ද සිල්වා නැමති 34 හැවිරිදි මෙම සැකකරු අතුරුගිරිය - අභයපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

වැලිගම - මෝදර මංසන්ධියේදී අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 34ක ප්‍රමාණයක් තිබී ඇති අතර, ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

යුද හමුදාවෙන් පලා ආ ජෙරම් දක්ෂ වෙඩික්කරුවෙකු වන අතර, ඔහු අධික මුදලක් ලබාගනිිමින් පුද්ගල ඝාතන කිරීම සඳහා ද සූදානම් සිටි අයෙකු බවටයි වාර්තාවන්නේ.

සැකකරු මීට දින කිහිපයකට පමණ ඉහතදී රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබාගැනීමෙන් නිදහස් වී ඇත්තේ ඔරුවල ප්‍රදේශයේ පදිංචි නිමලසිරි තලගල හෙවත් පොඩි සුදූ නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවටයි.

පසුගිය සෙනසුරාදා උදෑසන වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි මොහු ඇතුලූ තවත් පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකොට පළාගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් ජෙරම් කෝලිත සිල්වා හෙවත් අතුරුගිරියේ ජෙරම් හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගල්කිස්ස - සොයිසාපුර ආපනශාලාවේ හිමිකරුගෙන් කප්පම් ඉල්ලූ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් ආපනශාලාවේ හිමිකරුගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, ඒ අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

35 හැවිරිදි මොහු රත්මලාන මහින්ද මාවතේ පදිංචිකරුවෙක්.

මීට පෙරද අදාළ ආපනශාලාවේ හිමිකරුගෙන් ලක්ෂ පහ බැගින් කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.



බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 6:29

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More