අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

Thursday, 04 June 2020 - 8:01

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
අද සහ පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේදී දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රී 10 ට පැනවූ ඇඳිරි නීතිය එළඹෙන සෙනසුරාදා අලුයම හතර දක්වා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.  

ඉන් පසු දිවයින පුරා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම හතර දක්වා කාලය තුළ පමණයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් අද රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය තීරණය කළා.

එමෙන්ම නොවැලැක්විය හැකි හේතුවක් නිසා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල එළඹෙන හයවන සෙනසුරාදා සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අද දිනයේ සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කර පුද්ගලයින් හා වාහන පරික්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

අත්‍යවහ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පමණක් අවසර ලබා දී ඇති අතර මේ හේතුවෙන් අත්‍යවශ්‍යම කටයුත්තකට හැර නිවසින් හෝ නවතැන්ගෙන සිටින ස්ථානවලින් බැහැර නොයන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More