පෞද්ගලික වාහන තුළදී මුඛ ආවරණ අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි

Thursday, 04 June 2020 - 8:59

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින තත්වයත් සමඟ මුඛ ආවරණ පැළඳිය යුතු සහ ඒ කුමන අවස්ථාවකදීද යන්න පිළිබඳව මහජන සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පැහැදිළි කළා.

ඇය සඳහන් කළේ පෞද්ගලික වාහනවල ගමන් කිරීමේදී සහ ව්‍යායාම මංතීරුවල ඇවිදීමේදී මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බවයි.  

එමෙන්ම පවතින තත්වයත් සමඟ දිවයිනේ කිසිදු ප්‍රදේශයක දන්සැල් සංවිධාන කිරීමට කිසිදු අනුමැතියක් ලබාදී නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

කොන්දේසි සහිතව දන්සැල් සංවිධාන කිරීමට හෝ වියලි ආහාර බෙදාදීමේ වැඩසටහන් පැවැත්වීමට කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවත්, එබැවින් ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීම් නොකරන ලෙසත් එම සංගමය නිවේදනය කරනවා.

මේ අතර නව කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු ඊයේ දිනයේදීත් වාර්තාවීම නිසා මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,749 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී වාර්තාවූ අසාදිතයන් 66 දෙනා අතර, නාවික හමුදා සාමාජිකයින් 31 ක්, බංග්ලාදේශයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 14 ක්, කටාර් හිි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි 19 දෙනෙකු සහ කුවේට් හි සිට පැමිණි දෙදෙනෙකු මෙම පිරිස අතර වනවා.

ඒ අනුව ආසාදිතයන් 888 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 836 ක්.

එමෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්කර යැවූ බවයි.

එසේම නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ පුද්ගලයින් 5,243 දෙනෙකු තවමත් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.





\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More