පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්

Thursday, 04 June 2020 - 11:12

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆ්ලොයිඞ් නම් කළු ජාතිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ  බවට හෙළිවී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මේ බව සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. කෙසේ වෙතත් කොරෝනා වෛරසය වැළඳීම මරණයට හේතුව නොවන බවද එහි සඳහන්.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පොලිස් නිලධාරියා ඇතුලු සිව්දෙනාට නව චෝදනා ගොනුකර තිබෙනවා.

ඒ අනුව ජෝර්ජ් ෆ්ලොයිඞ් මියයනතෙක් ගෙළ සිරකරගෙන සිටි පොලිස් නිලධරියාට මේ වනවිට දෙවන ගණයේ මිනීමැරීමකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඔහු සමඟ සිටි අනෙක් පොලිස් නිලධාරීන් තුන්දෙනාට මනුෂ්‍ය ඝාතනයකට අනුබලදීම යන චෝදනා එල්ල කර ඇති බවයි සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ වූ පොලිස් නිලධාරියාට මීට පෙර තුන්වන ඝනයේ මිනීමැරුම් චෝදනා එල්ල කර තිබූ අතර, අනෙක් පොලිස් නිලධාරීන් තුන්දෙනා නිදහස් කරනු ලැබුවා.

අමෙරිකාවේ මිනෙසෝටාහී දී 45 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරනු ලැබුවේ පසුගිය 25 වනදායි.

මෙම කළු ජාතිකයා නිරායුධව පොලිස් භාරයට පත්වන ආකාරය ආරක්ෂක කැමරා වල මෙලෙස සටහන්ව තිබූ අතර ජංගම දුරකතනයක සටහන් වූ දර්ශනයක දැක්වුණේ එක් නිලධාරියෙකු පාදයෙන් ෆ්ලොයිඩ් ගේ ගෙළ සිරකරගෙන සිටින ආකාරයයි.

මෙම සිද්ධියත් සමඟ යුක්තිය ඉල්ලා මිනෙසෝටා වලින් ඇරඹි විරෝධතා අමෙරිකාව පුරා හිස ඔසවනු ලැබුවා.

අයි කාන්ට් බ්‍රීත් හෙවත් මට හුස්ම ගැනීමට අපහසුයි යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට කළ ආයාචනය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබෙනවා.

මේ අතර ධවල මන්දිරය ඉදිරිපිට ද අඛණ්ඩව විරෝධතා වල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන් ද විරෝධතාවලට සහයදීමට එක්ව සිටිනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ කළු ජාතිකයන්ට අකටයුතුකම් රැසක් සිදුවන බවට චෝදනා එල්ල වන්නේ සුළු ජන වර්ගවලට එරෙහිව ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ ද පදනම් කර ගනිමින්.

ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ගොඩනැගෙන විරෝධතා ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් අපේක්ෂා කිරීම මෙන්ම ජනපති ට්‍රම්ප් විරෝධයක් බවට ද පත්ව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා දසවන දිනටත් අද ක්‍රියාත්මක වනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More