පාස්කු ප්‍රහාරයේ රහසිගත ඡායාරූප කොමිසමට (වීඩියෝ)

Thursday, 04 June 2020 - 12:38

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ මෙතෙක් අනාවරණ නොවූ ඉතා රහස් තොරතුරු රැසක්, ඒ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ මේ දිනවල අනාවරණ වෙමින් පවතිනවා.

එවන් පසුබිමක් තුළ එම සිදුවීම්වලට අදාළ තවත් ඡායාරූප පෙළක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරුණා.

ඒ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ සිදු වූ පිපිරීම් වලින් පසුව ස්ථානීය පරීක්ෂාවේදී ගනු ලැබූ ඡායාරූපයි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසුව මෙම නිවසට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගමන් කරන ආකාරය පසුව පිපිරීම් සිදුවන අයුරු දැක්වෙන සීසීටීවි දර්ශණ මීට පෙර ප්‍රථම වරට මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

ඒ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශණය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ පළමු වරට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු සාක්ෂි ලබා දෙමින්.

මොහු එම පිපිරීමෙන් පසුව අදාළ ස්ථානය පරීක්ෂා කළ නිලධාරියා වනවා.

ඔහු එහිදී කියා සිටියේ තමා ස්ථානීය පරීක්ෂාවට ගිය අවස්ථාවේ එහි තිබී බෝම්බය පුපුරුවාගත් කාන්තාවගේ ශරීර කොටස් හමුවූ බවයි.

ප්‍රහාරයෙන් මියගිය සැකකාරියගේ දරුවන්ගේ සිරුරු කොටස් කිහිපයක්ද එහිදී සොයාගෙන තිබුණා.

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More