තැපෑල සෙනසුරාදා වැසීමට හේතුව අතිකාල ගැටළුවක් - සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගවලට සැරසේ

Thursday, 04 June 2020 - 13:03

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
නොවැළැක්විය හැකි හේතුවක් නිසා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල අනිද්දා සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව රජය ප්‍රකාශ කළද තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේ අතිකාල ගෙවීමේ ගැටළුවක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සභාපති චින්තක බණ්ඩාර කියා සිටියේ අතිකාල ගෙවීම් සහ දීමනා නතර කිරීම විරෝධය පළ කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ඉරිදා සිට අතිරේක සේවාවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල අනිද්දා සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේ වෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සභාපති චින්තක බණ්ඩාර චෝදනා කළේ තැපෑලෙන් ලිපි ඇතුලු භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි. අතිකාල ගෙවීම් නතර කිරීම මීට ප්‍රධාන හේතුව බවද ඔහු චෝදනා කළා.  

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ ලබන අඟහරුවාදා මෙම ගැටළු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සහ වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් පවත්වන බවයි.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More