අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රුපියල් මිලියන 60ක CT Scanner අංශයක් (වීඩියෝ)

Thursday, 04 June 2020 - 15:36

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+60%E0%B6%9A+CT+Scanner+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය (Computerized Tomography Scanning Division) විවෘත කිරීම අද (04) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 60ක්.

Covid-19 වසංගත තත්ත්වය තුළ වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන කේන්ද්‍රස්ථානය ද වන්නේ මෙම රෝහලයි.

ඊට පරිගණකගත පරිලෝකන විකිරණ අංශයක් මෙතෙක් නොතිබූ අතර, Covid-19 ප්‍රතිකාර සේවාවන් වල දී ද රෝහලට CT Scanner යන්ත්‍රයක අවශ්‍යතාව දැඩිව පැන නැගී තිබු බව රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් පෙර පෙන්වාදීමෙන් අනතුරුව මෙම යන්ත්‍රය රෝහලේ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මෙම පරිගණකගත පරිලෝකන විකිරණ අංශ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු  සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories