විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

Thursday, 04 June 2020 - 15:51

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA+PCR+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කොවිඩ් - 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

විශේෂයෙන් මැද පෙරදිග සිට දිවයිනට පැමිණෙන පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය වී තිබෙනවා.

වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා  අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා  එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරුණා.

මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රැසක් අවම කර ගැනීමට ද හැකිවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ.

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ද ඔහු අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර, ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී ඇති බව ද වාර්තා වනවා.

අද අලූයම 1.40 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති අතර, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ තානාපති වරප්‍රසාද යටතේ ඔහු මුදාහැරි බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල නිලධාරීන් මෙරට නිරෝධායන සීමා කිරීම් ඇතුළුව කොරෝනා මාර්ගෝපදේශන තරයේ පිළිපදින බවයි.

ඒ අනුව අදාළ නිලධාරියාද මෙරටට පැමිණ ඇත්තේ එම මාර්ගෝපදේශයන්ට අනුකූලව බව තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරීයා පැවසුවා.

එමෙන්ම, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙරටට පැමිණීමේදීත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්සත් ජනපදයට ඇතුළුවීමේදීත් වියානා සමුළුවේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කරන බව එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළා.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ශ්වසන ආධාරක යන්ත්‍ර 200ක ප්‍රදානයක් සිදුකිරීමට නියමිතයි.

අප කළ විමසීමකදී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එහි පළමු තොගය ජූලි මාසය අවසන් වනවිට මෙරටට භාරදීමට හැකිවනු ඇති බවයි.

එසේම, අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර එය සෙනසුරාදා අලූයම 4 ඉවත් කෙරෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories