ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගෙන ලිපි සකස් කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කුරුණෑගල යන්තන්පලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වැඩ තහනමකට ලක්ව සිටින සැකකරු වැටුප් සහ දීමනා සහ උසස්වීම් සමග යළි සේවයේ පිහිටුවන ලෙසට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයක ජනපතිගේ අත්සන සහිතව ලියූ ලිපියක් රාජ්‍ය බැංකුවක සභාපතිවරයාට යොමුකර තිබෙනවා.
වැඩ තහනමකට ලක්ව ඇති සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම යන මාතෘකාව යටතේ ව්‍යාජ ලිපි ශීර්ෂයක, ජනාධිපතිවරයාගේ අත්සන බවට හැඟවෙන අත්සනක් ද සහිත ලිපියක් රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු වෙත පසුගිය 28 වනදා ලැබී තිබුණා.
එම ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම බැංකු මූලස්ථානය වෙත අදාළ පුද්ගලයා ඊයේ කැඳවා තිබූ අතර, එම අවස්ථාවේදී ද, ඔහු ඊට සමාන ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඇති වූ සැකය මත බැංකුවේ නිලධාරින් සැකකරු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත භාරදීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
එහිදී කුරුණෑගල - යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරුගේ නිවසේ තිබී කූඨ ලේඛන සකස් කිරීමට යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් ද පොලීසිය සොයා ගත්තා.
සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සැකකරු බැංකු නිලධාරියෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

Follow US
Most Viewed Stories