මෙත්සිරි සෙවණට ඇඳන් 10කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් (වීඩියෝ)

Thursday, 04 June 2020 - 19:00

%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%AB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අපවත් වී වදාල අනුරාධපුර, කලාගම්පලාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොක්මඩුවේ ශ්‍රී රතනජෝති නාහිමිපාණන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවසන් ගෞරව දක්වා තිබෙනවා.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේ සමග ද සුහද පිලිසඳරක නිරත වුණා.

අනතුරුව, අග්‍රාමාත්‍යවරයා පැමිණියේ වකුගඩු රෝගීන් වෙනුවෙන් අනුරාධපුරයේ ඉදිකර තිබෙන මෙත්සිරි සෙවණ වෙතයි.

එහි අලූතින් ඉදිකරන ලද ඇඳන් 10කින් සමන්විත දැඩි සත්කාර ඒකකය ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එමෙන්ම, කොරෝනා රෝගීන් සඳහා මෙන්ම, බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉදිකළ නව වාට්ටුව ද විවෘත කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories