දින දෙකක් තුලදී කොරෝනා ආසාදිතයින් සියය ඉක්මවයි (වීඩියෝ)

Thursday, 04 June 2020 - 19:08

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊයේ සහ අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 107 දෙනෙකු වාර්තා වනවා.

ඊයේ ආසාදිතයින් 66 ක් වාර්තා වූ අතර ඉන් 31ක් නාවික හමුදා සාමාජිකයන්.

ඉතිරි පිරිස විදේශ ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද දිනයේ ද, මෙතෙක් ආසාදිතයන් 41ක් වාර්තා වී ඇති අතර, ඉන් 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වනවා.

අනෙක් පස් දෙනා විදේශ ගතව සිට පැමිණි අයයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 1790 දක්වා ඉහළ ගියා.

එසේම, මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 839 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් රෝගීන් 03 දෙනෙකු අද සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟයි.

තවදුරටත් ආසාදිතයන් 940 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගියා.

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 838ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories