ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී

Thursday, 04 June 2020 - 19:32

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ප්‍රකාශ කර තිබෙනවා.

ජනපති ට්‍රම්ප්, බලය අයුතු ලෙස භාවිත කරන බවට සහ ජනතාව අතර, හිතාමතාම බෙදීමක් ඇති කරන බවටයි ඔහු, චෝදනා කරන්නේ.

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව විරෝධය පළ කරමින් ඇමරිකාවේ හට ගෙන ඇති විරෝධතාවලට අදාළව මේ වනවිට සැකකරුවන් දස දහසක පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, විරෝධතා අතරතුර වොෂින්ටන්හි ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති මහත්මා ගාන්ධි පිලිරුවට හානි සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සිටින ඇමරිකානු තානාපති කෙනෙත් ජස්ටර් සමාව අයැද ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories