‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි (වීඩියෝ)

Thursday, 04 June 2020 - 19:40

%E2%80%98%E2%80%98%E0%B6%AF+%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+6+%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු අදියරේ ගෙවීම් කටයුතු කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

එසේම සියලූම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6 බැගින් ගෙවීමට නියමිත බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ වූ ප්‍රතිපාදනවලට අනුව ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි මස 22 වනදා සිට බල පැවැත්වෙන පරිදි අහෝසි කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු ම තැන්පත්කරුවන්ට රුපියල් 600,000ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ඇති.

නො ගෙවූ ශේෂයක් වෙතොත් ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු ව එකී මුදල් ලබා දෙන බවයි ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම කටයුත්ත සඳහා පත් කර ඇති නියෝජිත බැංකු ආයතනය වන මහජන බැංකුව මගින් වන්දි මුදල් ගෙවීම සිදු කරනවා.

ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ ශාඛා පැවති ප්‍රදේශයන්හි පිහිටා ඇති මහජන බැංකු ශාඛා මගින් පළමු අදියරේ ගෙවීම් කටයුතු එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා 2020 ජූනි මස 07 දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහබැංකුවේ 011 23 98 788, 011 24 77 261 යන දුරකථන අංකවලට මෙන්ම මහජන බැංකුවේ 011 24 81 594 සහ 011 24 81 320 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories