මැතිවරණයේදී අපේක්ෂකයන් අනුගමනය කළ යුතු ආචාරධර්ම ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ (වීඩියෝ)

Thursday, 04 June 2020 - 21:27

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙවර මහ මැතිවරණයේදී තරඟ කරන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය සහ මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදන මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනවල මැතිවරණයේදී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම මෙන්ම අපේක්ෂකයන් හැසිරිය යුතු ආකාරය සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සවිස්තරාත්මක උපදෙස් මාලාවක් ඇතුළත්.

විශේෂයෙන් අදහන ආගම්, භාවිත කරන භාෂාව, වාර්ගිකත්වය, චාරිත්‍ර වාරිත්‍ර හා කුලගෝත්‍ර ආදී වෙනස්කම් සම්බන්ධයෙන් යම් ජන කොට්ඨාශයක හෝ පුද්ගලයන් පිරිසකගේ වෛරය හෝ නොඉවසන භාවය උග්‍ර වන ආකාරයෙන් හැසිරීමෙන් වළකින ලෙස හා එවැනි අදහස් ප්‍රකාශ නොකරන ලෙස එමගින් දන්වා තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු නීත්‍යානුකූලව සහ සාමය රැකෙන පරිදි සිදුකරන ලෙස මෙන්ම විරුද්ධ පාක්ෂිකයන් මැතිවරණ කටයුතුවලට බාධා නොකරමින් කටයුතු කරන ලෙසත්, මැතිවරණ ප්‍රචාරණ හෝ ප්‍රවර්ධන කටයුතු සඳහා කිසිදු ආගමික ස්ථානයක් හෝ ඊට අයත් දේපළක් භාවිත කිරීමෙන් වැළකීම ද අදාළ ගැසට් නිවේදනය මගින් අවධාරණය කර ඇති කරුණක්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories