අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)

Friday, 05 June 2020 - 8:49

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින් පෙලෙන 14 හැවිරිදි පිරිමි ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අලුත්ගම පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අදාළ පරීක්ෂණය දියත් කරන බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති අවස්ථාවේදී පසුගිය මස 25 වැනිදා මෙම සිද්ධිය සිදුව ඇති අතර, අදාළ ළමයා පොලිස් නිලධාරීන්ගේ අණ නොතකමින් පාපැදියකින් ගමන් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙන අවස්ථාවේ මෙම මානසික ආබාධයක් සහිත ළමයා කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්.

පසුව දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණීමත් සමඟ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

පසුව සිද්ධිය පිළිබඳව එම ළමයාගේ පියාට දැනුම් දී ඇති අතර, ඔහු මෙම දරුවා මානසික ආබාධයක් සහිත අයෙකු බව පවසා තත්ත්වය පහදා දී තිබෙනවා.

අනතුරුව ඔහුව මුදාහැර ඇති අතර, ඊට අදාළ වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වන බවයි අලුත්ගම පොලිසියේ උසස් නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ.


rnrnrn




\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More